July 14, 2011

ලංකා දැන්විම් පිටුව



ධහම් දීපයේ ඉපදුනු ඔබත් මමත් ඉතාමත් වාසනා වන්තයි.
සම්බුදු හිමියන්ගේ දහම් පදයක් නිතර ඇසෙන ඒ දහම් මග ගමන් කරන්නට උත්සහ දරන මිනිසුන් සිටිනා එකම රට ශ්රී ලංකා දීපයයි.
තන්හා ආශාවන් පසු පස හබායන වෛරයෙන් ක්රෝධයෙන් බල තන්හාවෙන් වියරු වැටුන මිනිසුන් බහුතරයක් සිටිනා ලෝකයක මොහොතක් හෝ අනෙකා පිලිබද මෙත් සිත් පතුරවන මිනිසුන් සිටින එකම රට ශ්රී ලංකා දීපයි.
කුමක්ද මේ ලෝකය ........ ලෝකයක් සැකසෙන්නේ කෙසේද.........  සසර ගමනක් තිබේද ........... පින් පව් තිබෙනවාද...........නැවත උපදිනවාද..........  අපි කරන කියන සිතන දේ නැවත උපතකට හේතු වෙනවාද....... කර්මයක් කර්ම විපාකයක් තිබෙනවාද ..........  සසර  දුකක්ද.......... දුකින්  නිදහස් වීමට පුලුවන්ද.......ඔබ මම සතා සිව්පාවුන් පෙනෙන ලෝක නොපෙනෙන ලෝක ........
මේ වැනි දේ ගැන එක මොහෙතක හෝ ඔබට ප්රස්නයක් නැගුනාද..
එවැනි දේ ගැන සොයන්න සිතන්නට උවමනාවක් ඇති උනාද.. ඒවා ගැන දැන ගන්නට කැමැත්තක් තිබෙනවාද...
එහෙමනම් ඒ සදහා හොදම තැන ශ්රී ලංකාවේ උපන් අපට ඇති උතුම් වටිනා සම්පත බුදු ධහම පිලිබදව නිවැරදිව වටහා ගන්නට අපේ කාලය වැය කරමු.
තුන්ලොකයේ සත්වයෙකුට ලැබිය හැකි උතුම්ම උපරිම දැනුමෙන් ඉහත ප්රස්න පිලිබදව සොයා ලෝක සත්වයා සසර දුකින් නිදහස් කරගැනීමට මඟ පෙන්වු සම්බුදු හිමියන්ගේ දහම් මඟම අනුගමනය කරමු. ඒ පිලිබද කතිකා කරමු.. මෝහයෙන් මුලාවෙන් වෙන්වන්නට හැකි මන් පෙත් සොයමු. ප්රායොගිකව උත්සහයක යෙදෙමු..
බුදු ධහම තුලින් ඔබ ලැබු දැනුම....අත්දැකිම්....මෙන්ම ඉහත ප්රස්න වලට බුදු දහමින් ලැබුනෙ පිලිතුරු ගැන කතා කරමු...
උතුම් නිවනේ සැනසෙන්නටම උත්සහ දරමින් අනෙක් ලෝසතුන්ද ඒ සදහා යොමු කරමු..
ඒ සදහා උවමනාවක් උනන්දුවක් තිබෙන ඔබට මෙම වෙබ් අඩවිය විවෟතයි.....
ඔබගේ අදහස් දැනුම් සහ අත් දැකිම් ලාංකික හිත මිතුරන් හා බෙදා ගන්නට ලියන්න..
සියළු ලෝ වැසි සත්වයන්ට සම්බුදු සරනම වේවා......
ලංකා දැන්වීම් පිටුව

No comments:

Post a Comment