October 12, 2011

පින් පව් යනු....

ප්‍රශ්නයක්:
කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක ?.
 
DragonD ලෙස,
ඉහත ප්‍රස්නය ඔබ එලකිරි වෙබ් අඩවියෙන් අසාතියෙනවා මම අද 11.10.2011 දැක්කේ. සමහර විට ඔබට සතුටුදායක පිලිතුරක් ලැබිල ඇති. නැත්තම් ඔබ තවමත් අවිස්වාසයකින් ඇති පින් පව් ගැන.. මටත් හිතුනා මට හිතෙන හැටියට පිලිතුරක් ලියන්න..
 
ඔබ වැල්වටාරමකින් නගාතිබුන ප්‍රස්නය අනුව දැනෙන්නේ අපට උපදින සිතුවිලි වලින් සසරට එකතු වන බලපැමක් වෙනවාද නැද්ද යන්න වගෙයි හැගෙන්නේ..
 
ඇත්ත තත්වයනම් අද දිනයේදි බොහෝ විට බුදු ධහම ලෙස අසන්නට බලන්නට තිබෙන දේ බුදු පියානන් වදාල සැබැ සද්ධර්මයනම් නොවෙයි.. දහම පිලිබද උනන්දු වනෙ කෙනෙකුට සමහර විට පැටලිලි සහගත වන දේවල් බුදු දහමට ඇදා.. හිතා මාතා එකතු කරතිබෙනවා..
 
කෙසේ වෙතත් මේ සංසාර දුක පිලිබදව ප්‍රත්‍යක්ෂ අවබොදයක් ලද ලොවට පහලවන සියළු බුදු රජානන් වහන්සේලා ඒ අවබොදකල මාහා ප්‍රඥාවෙන් ලොක සත්වයා මේ මරඋගුලෙන් ගලවා ගැනිමට එම ධර්මය දේශනා කරනවා.
උන් වහන්සේලාටත් ධර්ම මර්ගය පෙන්වා දිම පමනයි කලහැක්කේ.. වටහාගැනිමේ වගකිම අපසතුයි.
 
ඔබටත් මටත් එය උත්සහයෙන් ප්‍රඥාවෙන් අවබොද කරගත්තොත් පමනයි වැ‍ටහෙන්නේ. අති දුර්ලබයි කියන මිනිසත් බව ලැබුවත් සද්ධර්මය අසන්නට ලැබුනත් තමා අවංකව උස්සහා නොකලොත් අප සැවොම සසර අනාත බාවයටයි වැටෙන්නේ.
 
දැන් ඔබේ ප්‍රස්නයට යමු.
(පින්, පව්//හොද, නරක) (කුසල්, අකුසල් /ආලෝකය, අඳුර) කියන මේ ගති ස්වාබාවයක් අපේ උපදින සිතිවිලි වල තිබෙනවා.
 
බුදු පියානන් පෙන්වා දුන් දහමට අනුව හේතුවක් නිසා ඵලයක් උපදින්නේ. 
රුප හේතුවෙන් නාම නැතිනම් සිතක් උපදින ක්‍රියාවලිය අරම්බ වෙනවා .. 
 
මෙය තවදුරටත් දැනගැනිමට උපාදානස්කන්දය ගැන හොදින් වටහාගන්න.
පෙනෙන හො නොපෙනෙන තැනක සත්වයෙක් යැයි විද්‍යාමාන යමෙක් ඇද්ද ඒ උපාදානස්කන්ද එකතුවක්.. ඒ නිසාම තමයි ඇත්තේත් නැති නැත්තේත් නැති කෙනෙක් විද්යාමාන වෙන්නේ.. මේ පෙනෙන නොපෙන තැන් යනු මනුස්ස බ්‍රහ්ම දේව තිරසන් අපාය කියන තැන් පහේ උපදින සත්වයන්.
 
ඔබ මොලයේ චාරජ් කිරිමක් ගැන කියා තිබෙනවා..  මේ චාර්ජ් කිරිම ලෙස ඔබ අදහස් කරගෙන සිටින්‍නේ රූපයක් ස්පර්ශ විමයි. උපාදානස්කන්දයේ ආරම්බය එතැනයි. අවබොදයෙන් නතර කරන තුරු නොනැවති ගමන් කරන චක්‍රය එයයි. රූප ගන්නා ස්තාන 6ක් තියෙනවා.. මොලය අරමුනත් සිතත් අතර සන්නිවෙදන මධයස්තානයක් පමනයි.
 
සරලව තේරුම් ගැනිමට මෙසේ සදහන් කරන්නම්  බාහිර අරමුන ධන විම  ස්පර්ශය   (අරමුන +  ස්පර්ශය = රූපය)
 
 
ඊලග කොටස නාම ක්‍රියාකාරිත්වයි. 
රූපය ධන වීම = වේදනාව
වේදනාව හේතුවෙන් විවධාකරයෙන් හදුනාගැනීම නොහොත් සංඥාව
සංඥාව හේතුවෙන් මනෝ/වචි/කාය සංකාර
සංකාර හේතුවෙන් ඊටඅනුකුල සිත නොහොත් විඥානය.
 
මෙම හේතු පිලිවෙලින් හැර සිතක් පහලවිමක් නැහැ. මෙහි ක්‍රියාත්මක විම අතිවේගවත් කිසම යන්ත්‍රසුත්‍රයකට හසුකරගන්නට බැහැ. මෙහි නොනවතින ගලායාම පවතින සත්වයෙක් විද්‍යාමාන කරනවා.
 
රූපයෙන් තොරව වේදනාවක් සංඥාවක් සංකාරයක් හෝ විඥානයක ඇතිවිමක් නැහැ.. 
 
රූපය හා ස්පර්ශවීමටත් හේතුවක් තිබෙනවා. ලොව්තුරු බුදුවරයෙක් පෙන්වා දෙන්නේ මෙන්න මේ රුප හා බැදෙන හේතුවයි.මේ හේතුව අවබොදයෙන් නතර කරගන්නට යමේකුට හැකිනම් නිවන් මගට ආර්ය මාර්ගයට පිලිපන් පුද්ගලයෙක් බවට පත්වෙනට පුලුවන්.
 
දැන් පිනපව් හා කුසල් අකුසල් ගැන බලමු.
 
පිනක් යනු ඔබෙන් බාහිර ලෝකයා ගේ යහපත් දිවි පැවැත්මට  හෝ ආර්ය මාර්ගය වඩන පිරිසට කරන කුමන හෝ උපකාරයකින් සිතේ උපදින පිනායැමයි . එනම් ඒ ක්‍රියා වලියේදි ඔබ උපදවන වේදනා සංඤා සංකාර ක්‍රියාවලියෙන් ජනිත වන සිතේ ගැබ්වන පුන්‍ය ශක්තියයි. සත්වයෙක් දැන හෝ නොදැන උපදවන සිතක බලය කල්ප 20 ක් තරම් කාලයක් කර්ම ශක්තියක් ලෙස බලගැන්වි තිබෙන බව දර්මයේ සදහන්..
 
පව් යනු එහි විරුද්දාර්තයි බාහිර ලෝකයාගේ අයහපත පිනිස කරන දෙයකින් ඔබේ සිතෙන් නිකුත් වන පාප ශක්තියයි.
 
කර්ම නියාමයට අනුව කරන ලද ක්‍රියාවට සාමාන වු ප්‍රතික්‍රියාවකට පොලියත් සමග මේ බවයේ හෝ නැවත උපදින ඔනැම බවයකදි මුහුන දිමට ඒකාන්තයෙන් සිදුවෙනවා.සසරේ පවතින බයානක බාවය එයයි. ‍
 
පින් පව් ගැන බුදුවරයානන් වහන්සේ නමක් ලොවට පහල වන්නට පෙර සිට සියළු ආගම් වල සදහන් වෙනවා..නමුත්
බුදු රජානන් වහන්සේ ලොක සත්වයාට දේශනා කරන්නේ කුසල් ගැන.
 
කුසල් නැතිනම් කුසලතාවය යනු මේ ලොවට බැදෙන හේතුව දැක එය අකර්මනය ක්‍රිරීමට දරනා කුසලතාවයටයි.
පාප දර්මයන් අකර්මනය කිරිමේ කුසලතාවය වඩාගන්නා තුරු සංසාර චක්‍රයේ ගමන්  කරමින් කල කර්මයන්ට මුහුන දෙන්නට සිදුවෙනවාමයි. පුන්‍ය හෝ පාප කර්මයකින් තුන්ලොකයේ කොතැනක උපන්නත් නැවත නැවත් සසරට එකතු වන කර්මයන් රැස්කරමින් සසර ගමන යනවා විනා මිනිස් බවයක් ලබා සද්දරමය අසා මේ ගමනට හේතුව දැක එයින් ‍නිරොද වන තුරු අප සැවෙම අනාත වු පිරිසක්..
 
සරලව මේ කරුනුවලින් යම් පිලිතුරක් ලැබුනානම් දැන් සිට අප සැවොම කලයුත්තේ ඒ ඒ මොහෙතේ අපේ ඇස කන නාසය දිව ශරීරය හා මනසට එන අරමුනේ ස්පර්ශ වි ඒ හා බැදෙන චන්දරාගයනම් බයානක රාග ද්වේහ මොහ සිත හදුනාගෙන ඒ මොහොතේම එය නිරොද කරදැමීමයි.. බෞද්ධ බාවනාව වන්නේත් මෙයමයි..  රුපය වේදනාව සංඥාවේදිම කුමන සිතකට හේතුවක් වේදැයි දැනගෙනම නවතාදැම්මේ කුසලතාවය වර්ධනය කරගෙන උතුම නිවන් මගටම යොමු වේවා.
 
සබ්බ පාපස්ස අකරනං   කුසලස්ස උපසම්පදා සචිත්ත පරියො දපනං ඒ තං බුද්ධානු සාසනං
 
බණ්ඩාර
WWW.LANKADANWEEMPITUWA.COM
 
 
 
 
 
 
 
 
 
 

 
 

October 5, 2011

ඔබට මෙන්ම මටත් ලොවේ සැමටත් ඇති පොදු කරදර කම්කටොලු මගහැර නියම සැනසුමට යන මග කියන බුදු බණ පදයක් මෙතැනින් අසන්න...

ගෙවෙන මොහෙතක් පාසා කරදර කම්කටොලු වලින් අපේ සිත් අසහනයට පත්වෙලා. අසහනයක් කරදරයක් නොපැමිණි දවසක් මොහොතක් ඔබට සිහිගන්වන්නට පුලුවන්ද..
 
මම කරගත්ත මගේ කරගත්ත හැම දේයක්ම අප බාලාපොරෙත්තු වු සහනය සතුට සැනසුම ලබාදි තිබෙනවාද. එයම තව තවත් අපව මායවක මුලාවක රදවා බයන්කර වු සසරගමනටම එක් කරනවා.
 
ජීවිතය සතුටින ගතකරන්නට කියා අප ලංකරගන්න මිල මුදල් යානවාහන ගේ දොර අඹුදරුවන් මෙන්ම සියළු දේ අසහනයක් දුකක් කරදරයක් ම ගෙනදි අවසන් වනවා මිස සැබැ සැනසුමක් සහනක් ගෙන දෙන්න්නේ නැහැ..
 
එහේනම් කුමක්ද?  කෙසේද?  නියම සැබැ සැනසුම සතුට ගෙනදෙන  දෙය....
 
එයට නියම පිලිතුර ලබාදෙන්නේ ලෞවුතුරු බුදුරජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය..
 
ඔබට මෙන්ම මටත් ලොවේ සැමටත් ඇති පොදු කරදර කම්කටොලු මගහැර නියම සැනසුමට යන මග කියන බුදු බණ පදයක් මෙතැනින් අසන්න...
 
රාග ද්වේශ මොහ නිරෝධ වු උතුම් නිවනින් සැනසෙන්නට සියළු ලෝක සත්වයන්ට අද අදම හැකිවේවා...
 
 

August 15, 2011

දහම් සාකච්ජා ...... අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන්ගේ විවිධ මාතෟකා යටතේ කරන ලද ධහම් සාකජ්ජා



අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන් විසින් පහත සදහන් විවිධ මාතෟකා යටතේ කරන ලද දහම් සාකච්ජා බාගත කරගෙන ශ්‍රවණය කරන්න.




August 14, 2011

ධර්ම ග්‍රන්ථ කීපයක්...............


භාවනාව පිලිබදව අති පුජ්ය කිරබත්ගොඩ ඤාණාන්ද ස්වාමින්වහ්නසේගේ ග්රන්ථයක් කියවීමට පිවිසෙන්න.............




August 13, 2011

සසරට බැදෙමුද..නැතිනම් මිදෙමුද...


ලෝක ආශ්වාදය මාහා සැපයක් ලෙසයි සත්වයන්ට දැනෙන්නේ..ඒ නිසාමයි වින්දනයන් සොය සොයා නොනවතින සසර ගමනක යන්නේ. අල්ප මාත්‍ර වින්දනයක් වෙනුවෙන් කොතරම් කල්ප කාලාන්තරයක් ඔබත් මමත් මේ සංසාර ගමනේ යනවාද..

මනුෂයෙක්ව උපන් මේ ජීවිතයේ දැනට ගොවදාමා ඇති කාලය ටිකක් විමසා බලන්න. සැම මොහොතකම පසිදුරන්ට හා මනසට සැපයක් සුවයක් ගෙනදෙන දේ ලගා කරගැනීම සහදාම නේද අප කටයුතු කරන්නේ. ඒත් එම එක් ආස්වාදයකදීවත් සංසිදීමක් ඇතිවිමක් ‍‍උනාද..

සතුට සැපය මාත්‍රයක් ලබාදී අසහනය බලාපොරොත්තුව දුක මහමෙරක් සේ උරුම කර තව තවත් ඊට වඩා සැප අනාගතයේ ලැබීමේ බලාපොරොත්තුව ඇතිවම නේද සැම මොහෙතක්ම ගෙවුනේ.. මේ මොහොතෙත් බලන්න අපේ සිත කුමන හෝ නොසංසිදෙන බලා‍පොරොත්තු ගොන්නක් ගොඩගහගෙන නේද ඉන්නේ.

අද ලොකයේ අපව විවිධ ආසාවන්ට ‍පොලඹවන කොතරම් දේ තිබෙනවාද..ඇස කන පිනවන, කය දිව පිනවන දේ වලින් ඔබත් මාත් මුලා කරන්නට කොතරම් මහන්සි ගන්නවාද.. ඒ දේවල් වල ආස්වාද විදින්නට ‍කොතරම් බලාපොරොත්තු අපි තබාගෙන සිටිනවාද..

විවිධ ජංගම දුරකතන, පරිගනක, කාර් වාහන ගෙවල් දොරවල් මේවා ලබාගැනිමට ඔබ දරන වෙහෙද . එකක් ලබාගත්තත් ඊලග මොහොතේ එහි වින්දනය අවසන්වී තව ඊට ව‍ඩා සුවයක් ආශ්වාදයක් දෙන දේයකට ආසා කරනවා නේද..එවායේ කිසිවිටක ඇති විමක් නැහැ . මේ පසිඳුරන්ට ගොදුරුවන සියළු දේ එලෙසයි..ආසවෙන් බැදුනොත් ඇතිවිමක් නැහැ..තව තවත් වැඩිවැඩියෙන් විවිධාකාරයෙන් සැප විදීමටමයි පොලබවන්නේ..මෙම මායාව තේරුම් ගන්නට බැරි නිසාමයි සසර ගමන දිගු විමට හේතුව.

ලොවුතුරා බුදුවරයෙකුට පමනයි මේ සත්‍ය ප්‍රත්‍යක්ෂව දැක ලොක සත්වායා මේ සසර ගමනින් මුදවා ගත හැක්කේ.. බාලපොරොත්තු සහගතව අශාකරන සියළු දේ ඉතා සුළු මොහෙතක සැප මාත්‍රයක් ලබාදි දුක් කන්දරාවක් උරුම කරමින් ක්ෂණිකව ගෙවි යනවා . අප කැමති සේ සැප ගෙනදෙන අල්පමාත්‍රයක දෙයක්වත් තුන් ලොකයේ කිසම තැනක නැහැ..ඒ බව හොදින් දකිනා ඥාණයකින් බුදු වරුන් මේ බව දේශනා කරන්නේ. සබ්බේ සංකාරා අනිජ්ජා කියන්නේ ඒ නිසයි.. ලොකයේ සියල්ල ත්‍රිලක්ෂනය, ඒනම් අනිජ්ජ දුකඛ අනත්ත යි. කැමති සේ නැති නිසාම අනිජ්ජයි  ඒ නිසාම දුක උපදිනවා දුක උරුම දේ යලි යලි බලාපොරොත්තු වෙන නිසාම අනාතවූ ගමනකයි අප සැම ඉන්නේ..

ලොකයක් යනු ෂඩ් ආයතනත් ඊට ගොදුරුවන දේයත් මිස එයින් පිට ඉතිරිවන කිසිවක් නොවේ නම්.. මේ ලෝකය තුන් ලෝකයක් ලෙස හදුන්වනේන් ඇයි?.. මේ ආයතනවලට හසුවන ලොව තුන් ආකරයකටයි වින්දනය කරන්නේ. අප මේ උපන් මනුෂ්‍ය බවයේත් මේ තුන්ලොකයේම ජිවත් වෙනවා..හේතුව ලෝකය යනු මේ ආයතන හයත් එයට ගොදුරවන දේවලුත්නම්  සත්වයෙක් ලෙස අප මේ ආයතන දරා සිටින නිසා.. 

මේ ආයතන වල ස්වරුපය බලන්න..
ඇස සහ කන ට එන අරමුන ශරීරයට භෞතිකව ස්පර්ශ නොවන පිටතින් ගැටෙන අරමුනක් සමගයි බැදෙන්නේ..
ශරීරය හා භෞතිකව ගැටෙන දේ කයට දිවට හා නාසයට යි දැනෙන්නේ .
සිතට එන අරමුනට භෞතික හෝ බාහිර පවතින වස්තුවක් නැහැ..

ඒ අනුව ශරීරය හා භෞතිකව ගැටෙන දේ කාම අරමුනු  ලෙසත්
ශරිරටය පිටින් ගැටෙන අරමුනු රූප අරමුනු ලෙසත්
මනසට ගොචර වන අරමුනු අරුප අරමුනු ලෙසත් සලකන්න පුලුවන්...

අප කැමති සේ පවතින කිසිම දෙයක් මේ ‍ලොක වල තිබෙනවාද.. අරමුනක ආශාවෙන් බැදෙන ගතිය ජන්ද රාගය ලෙසයි බුදු පියානන් වහන්සේ වදාරා ඇත්තේ මේ ලොකයේ පවතින දේ අප කැමති සේ
පවතිවායැයි සිතන්නේ මේ ජන්දරාගය නිසායි..එසේ නොවන විට ගැටෙන ගතියක් සිතේ උපදිනාවා එය ද්වේශයයි. මේ කැමැති දේය සුවයක් සැපයක් ආස්වාදයක් ලෙස දකින ගතිය මෝහය නැතිනම් මුලාවයි.

එසේනම් අරමුනෙහි ජන්දරාගයෙන් ද්වේශයෙන් මුලාවෙන් බැදෙන තාක් සත්වයා සසරට බැදිමක් මයි ඇතිවන්නේ .කිසිදාක කැමතිසේ නොපවතින දෙයක් ම ලබාගැනිමේ අරමුනින් දිවිමක් මිස මම මගේ කරගතහැකි කිසම දෙයක් නැහැ. එහෙත් සංසිදිමක් නොවුන ඒ ආශාව සිතක් ගොඩනගමින් මතු මතුත් ආස්වාද ලැ‍බිමේ බලාපොරොත්තුවෙන්ම අළු යට ගිනි පිඩක් සේ අරමුනක් එනතෙක් සැගවි සිටිනවා. අරමුනු මාත්‍රයක් පැමිනි සැනින් නොදැනිම එහි ගැටි අළුත් සිත් පෙලක් ක්‍රියාත්මක වෙනවා.

සසර පුරා ආස්වාද ලැබිමේ බලාපොරොත්තුවෙන් සැගවුනු සිතක් යම් ආයතනයක (පසිඳුරන්) ගැටුන සැනින් උපාදානස්ඛන්දය ක්‍රියාත්මක විමට පටන්ගන්නවා. කුම්ක්ද උපාදානස්ඛන්දය..

පන්චස්කන්දය ‍හේතුවෙන් පංචඋපාදානස්කන්දය ආරම්බවෙන්නේ.. කරම්යක් පුර්නය විමට සවි ගැන්වුන සිතක් පහල විමට මේ උපාදාන්ස්කන්දයේ ක්‍රියාකාර්තිවය හේතුවෙන්වා.. එකින් එකට හේතුවක් නිසාම පහලවන මෙම ක්‍රියාකාර්තිවයත් සසරට බැදෙන සිතක් ගොඩනගන්නේ චන්ද රාගය නිසාමයි..

වේදනා‍ව උපාදානස්කන්දයේ ආරම්බයයි.. ඇසට රූපය ගැටුන (ස්පර්ශවු) විගස එය සමග බැදිම, එකතු වීම නැතිනම ධන (+) විම වේදනාවයි..

බලන්න ඔබ හාත් පස කොතරම් රුප (ද්‍රව්‍ය වස්තු පන ඇති පන නැති ) තිබෙනවාද. එහෙත් ඔබ ගේ ඇසට  ස්පර්ශ වු රුපය ධන විමක් (වේදනාවක්) නොවුනානම් ඒහා ඔබට ඇලිමක් ගැටිමක් සිදුවෙනවාද.. එහෙත් ඔබ ඒ දකින දෙය අග්‍ර කරගෙන නම් දකින්නේ ඒ හා බැදුනු සිත් පෙලක් ඔබ නොදැනිම් වේගයෙන් ක්‍රියාත්මක වි යලි යලිත් බැලිමට එහි රස විදිමට හඩ ඇසීමට පහස ලැබිමට ක්‍රියාත්මක වන සිත් පෙලක් ඇතිවෙන හැටි.

ඔබ මහමඟ යනවිට ඔබ ඉදිරියේ දකින ස්ත්‍ර පුරෂ රුප ගැන මෙනෙහි කර බලන්න. දහසක් දෙනා අතරින් ඔබට වේදනාවක් උපන්නේ ඔබගේ සැගවුන සිතක ආසවෙන් බාලා‍පොරොත්තු වන ආකාරයේ කෙනෙක්ම නේද..ඒසේ ධන වුන රුපයක් මතු මතුත් දැකීමේ ආසාවක් ඔබට කාවදා ‍හෝ  ඇති නොවුනායැයි කියන්නටනම් බැහැ. එසේම ධන වුනේ ඔබ දැකිමට අකමැති රුවක් නම් ගැටෙන රුවක් නම් මතු මතුත් නොදකින් යැයි සිතක් පහල වි ඇති.

අනිත් ආයතන වලට (කනට, දිවට, නාසයට, කයට මෙන්ම මනස) ද ස්පර්ශ අරමුනේ ආරම්බය වේදනාවමයි. වේදනාවකින් තොරව ඊලග උපාදානස්කන්දයේ ක්‍රියාත්මක විමක් සිදු විය නොහැකියි.

අතීත අනාගත වර්තමාන අත්දැකිම්, දැනුම් මුල්කරගෙන අරමුන ගැන තව තවත් තහවුරු කරගැනිම ඊලග ක්‍රියාවලියයි. එසේත් නැතිනම් අරමුන ගැන දැනුම (ඥානය) සමග එක්විම සංඥා ගත විමයි. වේදනා වු අරමුන ගැන සංඥා ගලාඑන්නට පටන්ගන්නේ මේ අවස්තාවේදී . මේ ‍මොහොත් ක්ෂණිව අප්‍රමාන සංඥා පහල කරගෙන අරමුනෙහි ඇලෙන බැදෙන ගැටෙන ස්වරුපය(ජන්දරාගය) අනුව ඊලග ක්‍රියාකරිත්වයට පත්වෙනවා. ඇලෙන අරමුනක් නම රසාස්වාදය ලැබිමටත් ගැනෙට අරමුනක් නම් ද්වේහ සහගත බාවයක් ඇතිවෙන්නේ මේ මොහෙතේදි. ඔබේ මුහුනේ ඉරියව් වෙනස් විමට පටන්ගෙන හදවතේ ගැස්ම වැඩිවි රාගයෙන් රත්වෙන ද්වෙශයෙන් ගිනිගන්නා තත්වය අරම්බ වෙන්නේ මෙතනදි.

අරමුනු වු රූපය වේදනා වි සංඥා පහල වි ඊලගට ඒ අනුව  ක්‍රියාත්ම ක විමේ  නැතිනම් කාර කිරිමේ උපාදානස්කන්දයට යි ඊලගට පත්වෙන්නේ.. මෙතැනදි රාගය ද්වෙශය මෝහය මුල් උනානම් එම කාර කිරිම සංකාර විමක් ලෙසයි ඇතිවෙන්නේ.  කාර කිරිම යනු සිත කය වචනය මෙහෙයවිමයි.. මුලින්ම කාර කිරිම අරබෙන්නේ සිතේ චේතනා ගොඩනගමින් ඒ චේතනා අනුව වචන පිටකිරිම ත් කය ක්‍රියාත්මක කිරිමත් ඊලග මොහොතේ ක්ෂනිකව සිදුවෙනවා.

ඊලග උපාදානස්කන්දය ඒ ක්‍රියාකාරිත්වයට අනුව ගොඩනැගුන සිත මතු මතු ත් බලාපොරොත්තු සහගතව ගොඩනැගිමයි..මෙසේ සංකාර ප්‍රතයෙන් ගොඩනැගුන විඥානයක් අළුයට සැගවුන ගිනි පිඩක් සේ සසරේ නැවත බලාපොරොත්තු සහගත අරමුනක් පැමිනි විගස ක්‍රියාත්මක විමට ඔබ විසින්ම විශ්වයට මුදාහැර අවසානයි.. මෙය චක්‍රයක් ලෙස ඒ හේතුව නිසා ‍මේ හේතුවත් මේ හේතුව නිසා ඒ හේතුවත් ලෙස අකන්ඩ පැවැත්මක සිටින ලෙස හගවමින් මේ මමයි මගෙයි මගේ ආත්මයයි ලෙස ගනිමින් අනාත සසර ගමනක ක්‍රියාත්මක වෙනවා. යම් මොහොතක පිරිසිදු බුදු ධහම වටහාගෙන උපාදානස්කන්දයේ චන්දරාගය නිරොධ කරමින් නැවතනැවත ගොඩනැගෙන ගතිය නවතා දමන තුරු සත්ව ස්වරුපය ( එනම් මෙසේ වැය වෙවි යන ගතිය සත් ලෙස ගනිමින  සත්+ව) ගනිම්නි ලොකය ගොඩනගනගා නොනවතින සසර ගමනකම යන්නට සිදුවෙනවා..

ඉතින් ඔබට යම් ආකාරයක හෝ වැටහිමක් මේ කරුනු අනුව වැටහුනානම් මේ බුදු දහම අනුව ඔබේ ඉන්ද්‍රිය සංවරත්වය ඇතිකරගෙන අරමුනෙහි චන්දරාගය ටිකෙන් ටික නිරෝධ කරමින් සසර බැදිමෙන් මිදෙන්නට උත්සහ කරන්න. නිරෝධ කිරිම යනුවෙන් අදහස් කරන්නේ එක පාර නැතිකර දැමිමක් නොවෙයි .. ඔබ ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද ගිහියෙක්ද පැ‍විද්දේක්ද ඒ කොතනදි උවත් ඔබට එන අරමුන පසු පස හබායැම . රොද කිරිම නැතිනම් රොන්දේ ගැසිම නවතා නිරෝද විමයි. රොදයක ස්වරුපය බලන්න එකම වටේක කැර‍කෙනවා. සිතත් ගත් අරමුනේ එකම වටේ කැරකිම රොද කිරිමයි .යම් මො‍හොතක එක තැනකින් නැවතුනොත් එතනින් එහාට ඒ අරමුනේ පැවැත්මට හේතුවක් නැහැ . රොන්දේ ගසන තුරු එය ඔබට වදයක් අසහනයක් දුකක්ම ගෙනදේවි..

දැන් ඔබේ තීරනය සසරට බැදෙන්නද    සසරින් මිදෙන්නද ......

ලොව පහල වු සියළු බුදුරජානන් වහන්නේසලාගේ අනුසාසනයනම් මේ සසරින් මි‍දිමේ ක්‍රියා පිලිවෙත උදෙසා

සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒ තං බුද්ධානු සාසනං

අරමුන ස්පර්ශ වෙන තැනම චන්දරාගයෙන් බැදෙන ගතිය පාපධර්මයක් සසරට බැදෙන් ගතියක්= පාප + ස්පර්ශ විම

එනිසා මට වැ‍ටහෙන අයුරේන් සියළු ආකාරයේ පාප ස්පර්ශයන් අකර්මන්ය කිරිමේ කුසලතාවය වර්ධනය කරගෙන සිත ප්‍රභාෂ්වර කරගේන සියළු බුදුවරයන්ගේ අනුසානනාවට අනුව උතුම් වු නිවනින් සැනසෙන්නට හැමට හේතු වාසනා ලැබේවා.

සම්මා සම්බුදු සරණයි

July 16, 2011

ලෝකය ගැන


ලෝකය ගැන ---

ඔබත් මමත් ජිවත් වන ලෝකය සැකසුනේ කෙසේද. නවින විද්‍යාවට අනුව විවිධ වු මත අනුමාන තිබුනත් ජිවත් විමට හැකි පරිසරයක් සහිත ඉර හද තාරකා ග්‍රහලොක සමන්විත ලෝකයක් සැකසුවේ ඔබත් මමත් අනන්ත සංසාරයයේ බලාපොරොත්තු සහගතව ඇති කරන ලද සිත් වලින් යැයි කිවොත් පිලිගත හැකිද.
මොහොතක් පාසා සත්වයන් විසින් ආශාවල් ප්‍රර්තනා ඇලිම් සහිතව නිමානොවන බලාපොරොත්තු සමුහයක් ඉටුකරගැනීමට සිහින මවනවා.. මේ සිහින සිතුවිලි ලෙස මනස තුල ක්‍රියාත්මක වෙමින් බල ගැන්වෙනවා. ඒවා කෙසේ හෝ ලබාගැනීමට කය වචනය ක්‍රියාත්මක කරනවා.
සිත කය වචනය යන තුන්දොර ක්‍රියාත්මක කිරිම කාර කිරිම ලේසත් ඒවා ආශා(රාග) සහගත දේවේශ සහගත මෝහ සහගත ලෙස ක්‍රියා කරවන විට සංකාර ලෙසත් හදුන්වනවා. සංකාර ලොවට ඇලෙන සසර ගමන ගෙනියන සිත් ගොඩනගමින් නොනවතින ගමනක ඔබත් මාත් රුගෙන යනවා..
නිවන බලා‍පොරොත්තු වන සත්වයා තම සිත කය වචනය සංවර කරගන්නා ලෙස ඉතා සරලව බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කලේ ලෝක පැවැත්මෙන් ඉවත් වීමේ ආරම්බය එය නිසායි. (ඉන්ද්‍රිය සංවරය)
සංවර යන වචනය ඉතා සරලව පෙනුනත් එහි ඉතා ගැඹුරු අරුතක් ගැබ්ව තිබෙනවා..
සංකාර විම නැවැත්විමට නම් සංවර වියයුතුයි..
බුදු දහමේ සංකාර (සංඛාර) ත් තවත් කොටස් තුනකට බොදා පෙන්වනවා.. එවා පසුව වටහා ගන්න.
සංවර වීමමයි සීලය... සික්ෂාපද රැකිම සංවර විමට අනුබලයක්. එහෙත් අවබෝදයෙන් සංවර වු විට නිරායාසයෙන්ම සිලය පුර්නය වෙනවා.. එහෙමනම් තවත් විදිහකට ආර්ය සිලය වන්නේ සංවර විමයි.. නිවනේ ආරම්බය සිලය ලෙස හදුන්වන්නේත් ඒනිසයි.. අද ‍අපි කරන පෝයට සිල් ගැනිම නොවෙයි. සසර ගමනට බියනම් සංවර වන්න.
සංකාරයන් ඉහත දැක්වු ආකාරයට තේරුම් ගත්විට රාගයෙන් ද්වේශයෙන් මොහයෙන් යුතුව සිත කය වචනය මෙහෙයෙවිමෙන් මානෝ සංකාර වචී සංකාර සහ කාය සංකාර ගොඩනැගෙනවා.. සංකාර හේතුවෙන් සිත් ගොඩනැගෙනවා..එසේ ගොඩ නැගෙන සිතක් අතිශයන් ප්‍රබලයි..එහි ජිව කාලය ඔබත් මමත් සසර වසනා තුරු පැවතිය හැකියි. ලොව නොපෙනෙන ප්‍රබල බලවේගය ‍ඔබත් මමත් ලොවට මුදාහල එම සිත් සහ සතුවිලියි. දැන් ඔබට නිකමට හෝ වැටහේවි ගෙවෙන මොහාතක් පසා අපි විසින් කරනා කර්ම අප වෙතම කරුමක් ලෙසින් ඇදි එන්නේ කෙසේද කියා.
බුදු පියාණන් වහන්සේ ලෝකය හැදුන්වුයේ කෙසේද. යමෙකුට ලෝකය හදුනාගන්නට අවැසි නම් තමාව හදුනාගන්නට .. නැතිනම් ඹබයක් පමන වු තම ශරිරයෙන් ලොව හදුනාගන්නයැයි දේශනා කර තිබෙනවා. මෙහි සරල අරුතට යටින් ගැඹුරු දහමක් තිබෙනවා. අනන්ත සසරේ බලාපොරොත්තු සහගතව ගොඩනාගාගත් සංකාරයන්ගේ හේතුවෙන් සත්වයන්ට ආයතන හයක් නිර්මානය වෙනවා . මේ ආයතන හය පසිඳුරන් සහ මනසයි.
එක් සරල ක්‍රමයකට ලෝකය යනු පසිදඳුරන්, මනස හා එයට අරමුනු වල දේවල් කිවොත්.........එයින් එහා තවත් ඉතිරි වන දෙයක් ලෝකයේ තිබෙනවා යැයි ඔබට කිව හැකිද. ආයතන හයත් එයට අරමුනු වන දේත් හැර කිසිවක් ලොකයයැයි පනවන්නට බැහැ..
දැන් බලමු මොනවද මේ ආයතන හය සහ එයට ගොදුරුවන අරමුනු ... 
ඇස.....‍       ඇසට ගොදුරුවන අරමුන රූප
කන....        කනට ගොදුරුවන අරමුන ශබ්ද
නාසය....     නාසයට ගොදුරුවන අරමුන ගන්ධ(ගද සුවද
දිව......        දිවට ගොදුරුවන අරමුන රස
ශරීරය....     ශරීරයට ගොදුරුවන අරමුන ස්පර්ශ
මනස.....     මනට ගොදුරුවන අරමුන ධර්ම (ඉහත පසිඳුරන් ගෙන් ගත් අරමුනු වල අරුපී ගතිය )
ලෝකය යනු මේයනම් ලෝකය ගොඩනැගුවේ ඔබත් මමත් නම් සසර ගමන ට හේතුවන්නේ ලොකයට ඇති ඇලිමනම් මේ ලෝකය ගොඩනැගිම නැවැත්වීමටත් සසර ගමන නවතා ගැනිමටත් හැකියාව ඇති එකම තැනැත්තා ඔබත් මමත්මයි.. ඒ සදහා අපට මුලිකව ප්‍රඥාව නැතත් සියළු ඥානයන්ගෙන් පරිපුරුනවු සර්වඥ වු අප සම්මා සම්බුදු පියානන් වහන්සේ ඉතා සරලව පැහැදිලිව ඒ මඟ අපට පෙන්වා දි තිබෙනවා.
අද ඒ පැහැදිලි මග අන්ං මනං වැල් වටාරම් වලින් අවුල් කර වසා දමා ගැඹරු කර පෙන්වුවත් වටහා ගැනිමට ඇති දෙය යම් මොහොතක සරලව වටහා ගත් විට සියළු දුකින් නිදහස් වන මඟ අනුගමනය කර නිවනේ නිරාමිස සැප විදින්නට ඔබටත් මටත් හැකිවේවි..
සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා...
සියළු සත්වයෝ නිවනින්ම සැනසෙත්වා..............

July 14, 2011

ලංකා දැන්විම් පිටුව



ධහම් දීපයේ ඉපදුනු ඔබත් මමත් ඉතාමත් වාසනා වන්තයි.
සම්බුදු හිමියන්ගේ දහම් පදයක් නිතර ඇසෙන ඒ දහම් මග ගමන් කරන්නට උත්සහ දරන මිනිසුන් සිටිනා එකම රට ශ්රී ලංකා දීපයයි.
තන්හා ආශාවන් පසු පස හබායන වෛරයෙන් ක්රෝධයෙන් බල තන්හාවෙන් වියරු වැටුන මිනිසුන් බහුතරයක් සිටිනා ලෝකයක මොහොතක් හෝ අනෙකා පිලිබද මෙත් සිත් පතුරවන මිනිසුන් සිටින එකම රට ශ්රී ලංකා දීපයි.
කුමක්ද මේ ලෝකය ........ ලෝකයක් සැකසෙන්නේ කෙසේද.........  සසර ගමනක් තිබේද ........... පින් පව් තිබෙනවාද...........නැවත උපදිනවාද..........  අපි කරන කියන සිතන දේ නැවත උපතකට හේතු වෙනවාද....... කර්මයක් කර්ම විපාකයක් තිබෙනවාද ..........  සසර  දුකක්ද.......... දුකින්  නිදහස් වීමට පුලුවන්ද.......ඔබ මම සතා සිව්පාවුන් පෙනෙන ලෝක නොපෙනෙන ලෝක ........
මේ වැනි දේ ගැන එක මොහෙතක හෝ ඔබට ප්රස්නයක් නැගුනාද..
එවැනි දේ ගැන සොයන්න සිතන්නට උවමනාවක් ඇති උනාද.. ඒවා ගැන දැන ගන්නට කැමැත්තක් තිබෙනවාද...
එහෙමනම් ඒ සදහා හොදම තැන ශ්රී ලංකාවේ උපන් අපට ඇති උතුම් වටිනා සම්පත බුදු ධහම පිලිබදව නිවැරදිව වටහා ගන්නට අපේ කාලය වැය කරමු.
තුන්ලොකයේ සත්වයෙකුට ලැබිය හැකි උතුම්ම උපරිම දැනුමෙන් ඉහත ප්රස්න පිලිබදව සොයා ලෝක සත්වයා සසර දුකින් නිදහස් කරගැනීමට මඟ පෙන්වු සම්බුදු හිමියන්ගේ දහම් මඟම අනුගමනය කරමු. ඒ පිලිබද කතිකා කරමු.. මෝහයෙන් මුලාවෙන් වෙන්වන්නට හැකි මන් පෙත් සොයමු. ප්රායොගිකව උත්සහයක යෙදෙමු..
බුදු ධහම තුලින් ඔබ ලැබු දැනුම....අත්දැකිම්....මෙන්ම ඉහත ප්රස්න වලට බුදු දහමින් ලැබුනෙ පිලිතුරු ගැන කතා කරමු...
උතුම් නිවනේ සැනසෙන්නටම උත්සහ දරමින් අනෙක් ලෝසතුන්ද ඒ සදහා යොමු කරමු..
ඒ සදහා උවමනාවක් උනන්දුවක් තිබෙන ඔබට මෙම වෙබ් අඩවිය විවෟතයි.....
ඔබගේ අදහස් දැනුම් සහ අත් දැකිම් ලාංකික හිත මිතුරන් හා බෙදා ගන්නට ලියන්න..
සියළු ලෝ වැසි සත්වයන්ට සම්බුදු සරනම වේවා......
ලංකා දැන්වීම් පිටුව