ප්‍රශ්නයක්:
කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක ?.
DragonD ලෙස,
ඉහත ප්‍රස්නය ඔබ එලකිරි වෙබ් අඩවියෙන් අසාතියෙනවා මම අද 11.10.2011 දැක්කේ. සමහර විට ඔබට සතුටුදායක පිලිතුරක් ලැබිල ඇති. නැත්තම් ඔබ තවමත් අවිස්වාසයකින් ඇති පින් පව් ගැන.. මටත් හිතුනා මට හිතෙන හැටියට පිලිතුරක් ලියන්න..
ඔබ වැල්වටාරමකින් නගාතිබුන ප්‍රස්නය අනුව දැනෙන්නේ අපට උපදින සිතුවිලි වලින් සසරට එකතු වන බලපැමක් වෙනවාද නැද්ද යන්න වගෙයි හැගෙන්නේ..
ඇත්ත තත්වයනම් අද දිනයේදි බොහෝ විට බුදු ධහම ලෙස අසන්නට බලන්නට තිබෙන දේ බුදු පියානන් වදාල සැබැ සද්ධර්මයනම් නොවෙයි.. දහම පිලිබද උනන්දු වනෙ කෙනෙකුට සමහර විට පැටලිලි සහගත වන දේවල් බුදු දහමට ඇදා.. හිතා මාතා එකතු කරතිබෙනවා..
කෙසේ වෙතත් මේ සංසාර දුක පිලිබදව ප්‍රත්‍යක්ෂ අවබොදයක් ලද ලොවට පහලවන සියළු බුදු රජානන් වහන්සේලා ඒ අවබොදකල මාහා ප්‍රඥාවෙන් ලොක සත්වයා මේ මරඋගුලෙන් ගලවා ගැනිමට එම ධර්මය දේශනා කරනවා.
උන් වහන්සේලාටත් ධර්ම මර්ගය පෙන්වා දිම පමනයි කලහැක්කේ.. වටහාගැනිමේ වගකිම අපසතුයි.
ඔබටත් මටත් එය උත්සහයෙන් ප්‍රඥාවෙන් අවබොද කරගත්තොත් පමනයි වැටහෙන්නේ. අති දුර්ලබයි කියන මිනිසත් බව ලැබුවත් සද්ධර්මය අසන්නට ලැබුනත් තමා අවංකව උස්සහා නොකලොත් අප සැවොම සසර අනාත බාවයටයි වැටෙන්නේ.
දැන් ඔබේ ප්‍රස්නයට යමු.
(පින්, පව්//හොද, නරක) (කුසල්, අකුසල් /ආලෝකය, අඳුර) කියන මේ ගති ස්වාබාවයක් අපේ උපදින සිතිවිලි වල තිබෙනවා.
බුදු පියානන් පෙන්වා දුන් දහමට අනුව හේතුවක් නිසා ඵලයක් උපදින්නේ.
රුප හේතුවෙන් නාම නැතිනම් සිතක් උපදින ක්‍රියාවලිය අරම්බ වෙනවා ..
මෙය තවදුරටත් දැනගැනිමට උපාදානස්කන්දය ගැන හොදින් වටහාගන්න.
පෙනෙන හො නොපෙනෙන තැනක සත්වයෙක් යැයි විද්‍යාමාන යමෙක් ඇද්ද ඒ උපාදානස්කන්ද එකතුවක්.. ඒ නිසාම තමයි ඇත්තේත් නැති නැත්තේත් නැති කෙනෙක් විද්යාමාන වෙන්නේ.. මේ පෙනෙන නොපෙන තැන් යනු මනුස්ස බ්‍රහ්ම දේව තිරසන් අපාය කියන තැන් පහේ උපදින සත්වයන්.
ඔබ මොලයේ චාරජ් කිරිමක් ගැන කියා තිබෙනවා.. මේ චාර්ජ් කිරිම ලෙස ඔබ අදහස් කරගෙන සිටින්‍නේ රූපයක් ස්පර්ශ විමයි. උපාදානස්කන්දයේ ආරම්බය එතැනයි. අවබොදයෙන් නතර කරන තුරු නොනැවති ගමන් කරන චක්‍රය එයයි. රූප ගන්නා ස්තාන 6ක් තියෙනවා.. මොලය අරමුනත් සිතත් අතර සන්නිවෙදන මධයස්තානයක් පමනයි.
සරලව තේරුම් ගැනිමට මෙසේ සදහන් කරන්නම් බාහිර අරමුන ධන විම ස්පර්ශය (අරමුන + ස්පර්ශය = රූපය)
ඊලග කොටස නාම ක්‍රියාකාරිත්වයි.
රූපය ධන වීම = වේදනාව
වේදනාව හේතුවෙන් විවධාකරයෙන් හදුනාගැනීම නොහොත් සංඥාව
සංඥාව හේතුවෙන් මනෝ/වචි/කාය සංකාර
සංකාර හේතුවෙන් ඊටඅනුකුල සිත නොහොත් විඥානය.
මෙම හේතු පිලිවෙලින් හැර සිතක් පහලවිමක් නැහැ. මෙහි ක්‍රියාත්මක විම අතිවේගවත් කිසම යන්ත්‍රසුත්‍රයකට හසුකරගන්නට බැහැ. මෙහි නොනවතින ගලායාම පවතින සත්වයෙක් විද්‍යාමාන කරනවා.
රූපයෙන් තොරව වේදනාවක් සංඥාවක් සංකාරයක් හෝ විඥානයක ඇතිවිමක් නැහැ..
රූපය හා ස්පර්ශවීමටත් හේතුවක් තිබෙනවා. ලොව්තුරු බුදුවරයෙක් පෙන්වා දෙන්නේ මෙන්න මේ රුප හා බැදෙන හේතුවයි.මේ හේතුව අවබොදයෙන් නතර කරගන්නට යමේකුට හැකිනම් නිවන් මගට ආර්ය මාර්ගයට පිලිපන් පුද්ගලයෙක් බවට පත්වෙනට පුලුවන්.
දැන් පිනපව් හා කුසල් අකුසල් ගැන බලමු.
පිනක් යනු ඔබෙන් බාහිර ලෝකයා ගේ යහපත් දිවි පැවැත්මට හෝ ආර්ය මාර්ගය වඩන පිරිසට කරන කුමන හෝ උපකාරයකින් සිතේ උපදින පිනායැමයි . එනම් ඒ ක්‍රියා වලියේදි ඔබ උපදවන වේදනා සංඤා සංකාර ක්‍රියාවලියෙන් ජනිත වන සිතේ ගැබ්වන පුන්‍ය ශක්තියයි. සත්වයෙක් දැන හෝ නොදැන උපදවන සිතක බලය කල්ප 20 ක් තරම් කාලයක් කර්ම ශක්තියක් ලෙස බලගැන්වි තිබෙන බව දර්මයේ සදහන්..
පව් යනු එහි විරුද්දාර්තයි බාහිර ලෝකයාගේ අයහපත පිනිස කරන දෙයකින් ඔබේ සිතෙන් නිකුත් වන පාප ශක්තියයි.
කර්ම නියාමයට අනුව කරන ලද ක්‍රියාවට සාමාන වු ප්‍රතික්‍රියාවකට පොලියත් සමග මේ බවයේ හෝ නැවත උපදින ඔනැම බවයකදි මුහුන දිමට ඒකාන්තයෙන් සිදුවෙනවා.සසරේ පවතින බයානක බාවය එයයි.
පින් පව් ගැන බුදුවරයානන් වහන්සේ නමක් ලොවට පහල වන්නට පෙර සිට සියළු ආගම් වල සදහන් වෙනවා..නමුත්
බුදු රජානන් වහන්සේ ලොක සත්වයාට දේශනා කරන්නේ කුසල් ගැන.
කුසල් නැතිනම් කුසලතාවය යනු මේ ලොවට බැදෙන හේතුව දැක එය අකර්මනය ක්‍රිරීමට දරනා කුසලතාවයටයි.
පාප දර්මයන් අකර්මනය කිරිමේ කුසලතාවය වඩාගන්නා තුරු සංසාර චක්‍රයේ ගමන් කරමින් කල කර්මයන්ට මුහුන දෙන්නට සිදුවෙනවාමයි. පුන්‍ය හෝ පාප කර්මයකින් තුන්ලොකයේ කොතැනක උපන්නත් නැවත නැවත් සසරට එකතු වන කර්මයන් රැස්කරමින් සසර ගමන යනවා විනා මිනිස් බවයක් ලබා සද්දරමය අසා මේ ගමනට හේතුව දැක එයින් නිරොද වන තුරු අප සැවෙම අනාත වු පිරිසක්..
සරලව මේ කරුනුවලින් යම් පිලිතුරක් ලැබුනානම් දැන් සිට අප සැවොම කලයුත්තේ ඒ ඒ මොහෙතේ අපේ ඇස කන නාසය දිව ශරීරය හා මනසට එන අරමුනේ ස්පර්ශ වි ඒ හා බැදෙන චන්දරාගයනම් බයානක රාග ද්වේහ මොහ සිත හදුනාගෙන ඒ මොහොතේම එය නිරොද කරදැමීමයි.. බෞද්ධ බාවනාව වන්නේත් මෙයමයි.. රුපය වේදනාව සංඥාවේදිම කුමන සිතකට හේතුවක් වේදැයි දැනගෙනම නවතාදැම්මේ කුසලතාවය වර්ධනය කරගෙන උතුම නිවන් මගටම යොමු වේවා.
සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියො දපනං ඒ තං බුද්ධානු සාසනං
බණ්ඩාර
WWW.LANKADANWEEMPITUWA.COM





