ලෝක ආශ්වාදය මාහා සැපයක් ලෙසයි සත්වයන්ට දැනෙන්නේ..ඒ නිසාමයි වින්දනයන් සොය සොයා නොනවතින සසර ගමනක යන්නේ. අල්ප මාත්‍ර වින්දනයක් වෙනුවෙන් කොතරම් කල්ප කාලාන්තරයක් ඔබත් මමත් මේ සංසාර ගමනේ යනවාද..
මනුෂයෙක්ව උපන් මේ ජීවිතයේ දැනට ගොවදාමා ඇති කාලය ටිකක් විමසා බලන්න. සැම මොහොතකම පසිදුරන්ට හා මනසට සැපයක් සුවයක් ගෙනදෙන දේ ලගා කරගැනීම සහදාම නේද අප කටයුතු කරන්නේ. ඒත් එම එක් ආස්වාදයකදීවත් සංසිදීමක් ඇතිවිමක් උනාද..
සතුට සැපය මාත්‍රයක් ලබාදී අසහනය බලාපොරොත්තුව දුක මහමෙරක් සේ උරුම කර තව තවත් ඊට වඩා සැප අනාගතයේ ලැබීමේ බලාපොරොත්තුව ඇතිවම නේද සැම මොහෙතක්ම ගෙවුනේ.. මේ මොහොතෙත් බලන්න අපේ සිත කුමන හෝ නොසංසිදෙන බලාපොරොත්තු ගොන්නක් ගොඩගහගෙන නේද ඉන්නේ.
අද ලොකයේ අපව විවිධ ආසාවන්ට පොලඹවන කොතරම් දේ තිබෙනවාද..ඇස කන පිනවන, කය දිව පිනවන දේ වලින් ඔබත් මාත් මුලා කරන්නට කොතරම් මහන්සි ගන්නවාද.. ඒ දේවල් වල ආස්වාද විදින්නට කොතරම් බලාපොරොත්තු අපි තබාගෙන සිටිනවාද..
විවිධ ජංගම දුරකතන, පරිගනක, කාර් වාහන ගෙවල් දොරවල් මේවා ලබාගැනිමට ඔබ දරන වෙහෙද . එකක් ලබාගත්තත් ඊලග මොහොතේ එහි වින්දනය අවසන්වී තව ඊට වඩා සුවයක් ආශ්වාදයක් දෙන දේයකට ආසා කරනවා නේද..එවායේ කිසිවිටක ඇති විමක් නැහැ . මේ පසිඳුරන්ට ගොදුරුවන සියළු දේ එලෙසයි..ආසවෙන් බැදුනොත් ඇතිවිමක් නැහැ..තව තවත් වැඩිවැඩියෙන් විවිධාකාරයෙන් සැප විදීමටමයි පොලබවන්නේ..මෙම මායාව තේරුම් ගන්නට බැරි නිසාමයි සසර ගමන දිගු විමට හේතුව.
ලොවුතුරා බුදුවරයෙකුට පමනයි මේ සත්‍ය ප්‍රත්‍යක්ෂව දැක ලොක සත්වායා මේ සසර ගමනින් මුදවා ගත හැක්කේ.. බාලපොරොත්තු සහගතව අශාකරන සියළු දේ ඉතා සුළු මොහෙතක සැප මාත්‍රයක් ලබාදි දුක් කන්දරාවක් උරුම කරමින් ක්ෂණිකව ගෙවි යනවා . අප කැමති සේ සැප ගෙනදෙන අල්පමාත්‍රයක දෙයක්වත් තුන් ලොකයේ කිසම තැනක නැහැ..ඒ බව හොදින් දකිනා ඥාණයකින් බුදු වරුන් මේ බව දේශනා කරන්නේ. සබ්බේ සංකාරා අනිජ්ජා කියන්නේ ඒ නිසයි.. ලොකයේ සියල්ල ත්‍රිලක්ෂනය, ඒනම් අනිජ්ජ දුකඛ අනත්ත යි. කැමති සේ නැති නිසාම අනිජ්ජයි ඒ නිසාම දුක උපදිනවා දුක උරුම දේ යලි යලි බලාපොරොත්තු වෙන නිසාම අනාතවූ ගමනකයි අප සැම ඉන්නේ..
ලොකයක් යනු ෂඩ් ආයතනත් ඊට ගොදුරුවන දේයත් මිස එයින් පිට ඉතිරිවන කිසිවක් නොවේ නම්.. මේ ලෝකය තුන් ලෝකයක් ලෙස හදුන්වනේන් ඇයි?.. මේ ආයතනවලට හසුවන ලොව තුන් ආකරයකටයි වින්දනය කරන්නේ. අප මේ උපන් මනුෂ්‍ය බවයේත් මේ තුන්ලොකයේම ජිවත් වෙනවා..හේතුව ලෝකය යනු මේ ආයතන හයත් එයට ගොදුරවන දේවලුත්නම් සත්වයෙක් ලෙස අප මේ ආයතන දරා සිටින නිසා..
මේ ආයතන වල ස්වරුපය බලන්න..
ඇස සහ කන ට එන අරමුන ශරීරයට භෞතිකව ස්පර්ශ නොවන පිටතින් ගැටෙන අරමුනක් සමගයි බැදෙන්නේ..
ශරීරය හා භෞතිකව ගැටෙන දේ කයට දිවට හා නාසයට යි දැනෙන්නේ .
සිතට එන අරමුනට භෞතික හෝ බාහිර පවතින වස්තුවක් නැහැ..
ඒ අනුව ශරීරය හා භෞතිකව ගැටෙන දේ කාම අරමුනු ලෙසත්
ශරිරටය පිටින් ගැටෙන අරමුනු රූප අරමුනු ලෙසත්
මනසට ගොචර වන අරමුනු අරුප අරමුනු ලෙසත් සලකන්න පුලුවන්...
අප කැමති සේ පවතින කිසිම දෙයක් මේ ලොක වල තිබෙනවාද.. අරමුනක ආශාවෙන් බැදෙන ගතිය ජන්ද රාගය ලෙසයි බුදු පියානන් වහන්සේ වදාරා ඇත්තේ මේ ලොකයේ පවතින දේ අප කැමති සේ
පවතිවායැයි සිතන්නේ මේ ජන්දරාගය නිසායි..එසේ නොවන විට ගැටෙන ගතියක් සිතේ උපදිනාවා එය ද්වේශයයි. මේ කැමැති දේය සුවයක් සැපයක් ආස්වාදයක් ලෙස දකින ගතිය මෝහය නැතිනම් මුලාවයි.
එසේනම් අරමුනෙහි ජන්දරාගයෙන් ද්වේශයෙන් මුලාවෙන් බැදෙන තාක් සත්වයා සසරට බැදිමක් මයි ඇතිවන්නේ .කිසිදාක කැමතිසේ නොපවතින දෙයක් ම ලබාගැනිමේ අරමුනින් දිවිමක් මිස මම මගේ කරගතහැකි කිසම දෙයක් නැහැ. එහෙත් සංසිදිමක් නොවුන ඒ ආශාව සිතක් ගොඩනගමින් මතු මතුත් ආස්වාද ලැබිමේ බලාපොරොත්තුවෙන්ම අළු යට ගිනි පිඩක් සේ අරමුනක් එනතෙක් සැගවි සිටිනවා. අරමුනු මාත්‍රයක් පැමිනි සැනින් නොදැනිම එහි ගැටි අළුත් සිත් පෙලක් ක්‍රියාත්මක වෙනවා.
සසර පුරා ආස්වාද ලැබිමේ බලාපොරොත්තුවෙන් සැගවුනු සිතක් යම් ආයතනයක (පසිඳුරන්) ගැටුන සැනින් උපාදානස්ඛන්දය ක්‍රියාත්මක විමට පටන්ගන්නවා. කුම්ක්ද උපාදානස්ඛන්දය..
පන්චස්කන්දය හේතුවෙන් පංචඋපාදානස්කන්දය ආරම්බවෙන්නේ.. කරම්යක් පුර්නය විමට සවි ගැන්වුන සිතක් පහල විමට මේ උපාදාන්ස්කන්දයේ ක්‍රියාකාර්තිවය හේතුවෙන්වා.. එකින් එකට හේතුවක් නිසාම පහලවන මෙම ක්‍රියාකාර්තිවයත් සසරට බැදෙන සිතක් ගොඩනගන්නේ චන්ද රාගය නිසාමයි..
වේදනාව උපාදානස්කන්දයේ ආරම්බයයි.. ඇසට රූපය ගැටුන (ස්පර්ශවු) විගස එය සමග බැදිම, එකතු වීම නැතිනම ධන (+) විම වේදනාවයි..
බලන්න ඔබ හාත් පස කොතරම් රුප (ද්‍රව්‍ය වස්තු පන ඇති පන නැති ) තිබෙනවාද. එහෙත් ඔබ ගේ ඇසට ස්පර්ශ වු රුපය ධන විමක් (වේදනාවක්) නොවුනානම් ඒහා ඔබට ඇලිමක් ගැටිමක් සිදුවෙනවාද.. එහෙත් ඔබ ඒ දකින දෙය අග්‍ර කරගෙන නම් දකින්නේ ඒ හා බැදුනු සිත් පෙලක් ඔබ නොදැනිම් වේගයෙන් ක්‍රියාත්මක වි යලි යලිත් බැලිමට එහි රස විදිමට හඩ ඇසීමට පහස ලැබිමට ක්‍රියාත්මක වන සිත් පෙලක් ඇතිවෙන හැටි.
ඔබ මහමඟ යනවිට ඔබ ඉදිරියේ දකින ස්ත්‍ර පුරෂ රුප ගැන මෙනෙහි කර බලන්න. දහසක් දෙනා අතරින් ඔබට වේදනාවක් උපන්නේ ඔබගේ සැගවුන සිතක ආසවෙන් බාලාපොරොත්තු වන ආකාරයේ කෙනෙක්ම නේද..ඒසේ ධන වුන රුපයක් මතු මතුත් දැකීමේ ආසාවක් ඔබට කාවදා හෝ ඇති නොවුනායැයි කියන්නටනම් බැහැ. එසේම ධන වුනේ ඔබ දැකිමට අකමැති රුවක් නම් ගැටෙන රුවක් නම් මතු මතුත් නොදකින් යැයි සිතක් පහල වි ඇති.
අනිත් ආයතන වලට (කනට, දිවට, නාසයට, කයට මෙන්ම මනස) ද ස්පර්ශ අරමුනේ ආරම්බය වේදනාවමයි. වේදනාවකින් තොරව ඊලග උපාදානස්කන්දයේ ක්‍රියාත්මක විමක් සිදු විය නොහැකියි.
අතීත අනාගත වර්තමාන අත්දැකිම්, දැනුම් මුල්කරගෙන අරමුන ගැන තව තවත් තහවුරු කරගැනිම ඊලග ක්‍රියාවලියයි. එසේත් නැතිනම් අරමුන ගැන දැනුම (ඥානය) සමග එක්විම සංඥා ගත විමයි. වේදනා වු අරමුන ගැන සංඥා ගලාඑන්නට පටන්ගන්නේ මේ අවස්තාවේදී . මේ මොහොත් ක්ෂණිව අප්‍රමාන සංඥා පහල කරගෙන අරමුනෙහි ඇලෙන බැදෙන ගැටෙන ස්වරුපය(ජන්දරාගය) අනුව ඊලග ක්‍රියාකරිත්වයට පත්වෙනවා. ඇලෙන අරමුනක් නම රසාස්වාදය ලැබිමටත් ගැනෙට අරමුනක් නම් ද්වේහ සහගත බාවයක් ඇතිවෙන්නේ මේ මොහෙතේදි. ඔබේ මුහුනේ ඉරියව් වෙනස් විමට පටන්ගෙන හදවතේ ගැස්ම වැඩිවි රාගයෙන් රත්වෙන ද්වෙශයෙන් ගිනිගන්නා තත්වය අරම්බ වෙන්නේ මෙතනදි.
අරමුනු වු රූපය වේදනා වි සංඥා පහල වි ඊලගට ඒ අනුව ක්‍රියාත්ම ක විමේ නැතිනම් කාර කිරිමේ උපාදානස්කන්දයට යි ඊලගට පත්වෙන්නේ.. මෙතැනදි රාගය ද්වෙශය මෝහය මුල් උනානම් එම කාර කිරිම සංකාර විමක් ලෙසයි ඇතිවෙන්නේ. කාර කිරිම යනු සිත කය වචනය මෙහෙයවිමයි.. මුලින්ම කාර කිරිම අරබෙන්නේ සිතේ චේතනා ගොඩනගමින් ඒ චේතනා අනුව වචන පිටකිරිම ත් කය ක්‍රියාත්මක කිරිමත් ඊලග මොහොතේ ක්ෂනිකව සිදුවෙනවා.
ඊලග උපාදානස්කන්දය ඒ ක්‍රියාකාරිත්වයට අනුව ගොඩනැගුන සිත මතු මතු ත් බලාපොරොත්තු සහගතව ගොඩනැගිමයි..මෙසේ සංකාර ප්‍රතයෙන් ගොඩනැගුන විඥානයක් අළුයට සැගවුන ගිනි පිඩක් සේ සසරේ නැවත බලාපොරොත්තු සහගත අරමුනක් පැමිනි විගස ක්‍රියාත්මක විමට ඔබ විසින්ම විශ්වයට මුදාහැර අවසානයි.. මෙය චක්‍රයක් ලෙස ඒ හේතුව නිසා මේ හේතුවත් මේ හේතුව නිසා ඒ හේතුවත් ලෙස අකන්ඩ පැවැත්මක සිටින ලෙස හගවමින් මේ මමයි මගෙයි මගේ ආත්මයයි ලෙස ගනිමින් අනාත සසර ගමනක ක්‍රියාත්මක වෙනවා. යම් මොහොතක පිරිසිදු බුදු ධහම වටහාගෙන උපාදානස්කන්දයේ චන්දරාගය නිරොධ කරමින් නැවතනැවත ගොඩනැගෙන ගතිය නවතා දමන තුරු සත්ව ස්වරුපය ( එනම් මෙසේ වැය වෙවි යන ගතිය සත් ලෙස ගනිමින සත්+ව) ගනිම්නි ලොකය ගොඩනගනගා නොනවතින සසර ගමනකම යන්නට සිදුවෙනවා..
ඉතින් ඔබට යම් ආකාරයක හෝ වැටහිමක් මේ කරුනු අනුව වැටහුනානම් මේ බුදු දහම අනුව ඔබේ ඉන්ද්‍රිය සංවරත්වය ඇතිකරගෙන අරමුනෙහි චන්දරාගය ටිකෙන් ටික නිරෝධ කරමින් සසර බැදිමෙන් මිදෙන්නට උත්සහ කරන්න. නිරෝධ කිරිම යනුවෙන් අදහස් කරන්නේ එක පාර නැතිකර දැමිමක් නොවෙයි .. ඔබ ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද ගිහියෙක්ද පැවිද්දේක්ද ඒ කොතනදි උවත් ඔබට එන අරමුන පසු පස හබායැම . රොද කිරිම නැතිනම් රොන්දේ ගැසිම නවතා නිරෝද විමයි. රොදයක ස්වරුපය බලන්න එකම වටේක කැරකෙනවා. සිතත් ගත් අරමුනේ එකම වටේ කැරකිම රොද කිරිමයි .යම් මොහොතක එක තැනකින් නැවතුනොත් එතනින් එහාට ඒ අරමුනේ පැවැත්මට හේතුවක් නැහැ . රොන්දේ ගසන තුරු එය ඔබට වදයක් අසහනයක් දුකක්ම ගෙනදේවි..
දැන් ඔබේ තීරනය සසරට බැදෙන්නද සසරින් මිදෙන්නද ......
ලොව පහල වු සියළු බුදුරජානන් වහන්නේසලාගේ අනුසාසනයනම් මේ සසරින් මිදිමේ ක්‍රියා පිලිවෙත උදෙසා
සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒ තං බුද්ධානු සාසනං
අරමුන ස්පර්ශ වෙන තැනම චන්දරාගයෙන් බැදෙන ගතිය පාපධර්මයක් සසරට බැදෙන් ගතියක්= පාප + ස්පර්ශ විම
එනිසා මට වැටහෙන අයුරේන් සියළු ආකාරයේ පාප ස්පර්ශයන් අකර්මන්ය කිරිමේ කුසලතාවය වර්ධනය කරගෙන සිත ප්‍රභාෂ්වර කරගේන සියළු බුදුවරයන්ගේ අනුසානනාවට අනුව උතුම් වු නිවනින් සැනසෙන්නට හැමට හේතු වාසනා ලැබේවා.
සම්මා සම්බුදු සරණයි

No comments:
Post a Comment